ශ්‍රී ලංකාවේ දෙවැනි ඇත් අතුරු සෙවන හබරණ රිටිගල පිහිටුවා වසරකදී අලි පැටවුන් පස්දෙනකු මියගොස් ඇතැයි වනජීවී ආරංචිමාර්ග කියයි.
මෙහි දැනට අලි පැටවුන් හය දෙනකු හා සේවකයින් දොළොස් දෙනකු සිටින නමුත් ජලය නොමැතිවීම බරපතල ප්‍රශ්නයක් වී ඇත.
දැනට එහි එකම බවුසරය කිලෝමීටර් පනහක් ගෙවා ජලය ගෙන එයි .වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එච් ඩී රත්නායක මහතා පැවසුයේ තමාටද මේ පිළිබදව තොරතුරු ලැබී ඇති බවයි. කඩිනමින් විසදුමක් දෙන බවද ඔහු කියයි.
2012 මාර්තු 23 වැනිදා මේ ඇත් අතුරු සෙවන ඇරැඹිණි.ඒ දිනවල ප්‍රදේශවාසීන් එවකට පරිසර ඇමැතිවරයාට පැවසුයේ එම ප්‍රදේශය ඇත්අතුරු සෙවනට සුදුසු නොවන බවයි.