රිටිගල අලි ගෙදර වහයි


වතුර ප්‍රශ්නයක් නිසා රිටිගල ඇත් අතුරු සෙවණේ සිටි අලි පැටවුන් හය දෙනා උඩවලව ජාතික වනෝද්‍යානයට මාරු කළ බව වනජී දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂක පශු වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා කියයි.

මෙම පුවත  පසුගිය 02 වැනිදා  එසැණ වෙබ් අඩවියේ පළ වු පුවතින් පසුව එහි ගිය තමා මේ පිළිබඳව සොයා බලා උපදෙස් ලබා දුන් බවද නියෝජ්‍යය අධ්‍යක්ෂකවරයා පැවසීය.

පසු ගිය වසරක කාලයකදී  මේ ඇත් අතුරු සෙවනේ අලි පැටවුන්  පස්දෙනකු මියගොස් ඇතැයිද වාර්තා වි ඇත.