රිච්මන්ඩ් විශිෂ්ටයෝ ජනපති අතින් තෑගි ලබති


ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ 138 වැනි වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) පැවැත්විණි.

අධ්‍යාපන හා විෂය බාහිර කටයුතු වලින් විශිෂ්ට දක්ෂතා දැක්වූ රිච්මන්ඩ් සිසුන්ට මෙහිදී ජනපති අතින් ත්‍යාග හිමිවිය.

විදුහල්පති ඊ.එම්.එස්.ඒකනායක මහතා ජනාධිපතිවරයාගේ පැමිණීම වෙනුවෙන් විශේෂ සමරු තිළිණයක්ද පිළිගැන්වීය.

නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ, දකුණු පළාත් මහ ඇමැති ශාන් විජයලාල් ද සිල්වා, රිච්මන්ඩ් ආදි ශිෂ්‍ය නැගෙනහිර ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු ඇතුළු පිරිසක්ද ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වූහ.

IMG_20150618_154928955 IMG_20150618_154932939 IMG_20150618_154937109 IMG_20150618_154941334 IMG_20150618_154949470 IMG_20150618_155005611