රෑ තරගයේ අනතුරුවලින් පහකට තුවාල


කොළඹ පැවැති ප‍්‍රථම රාත‍්‍රී මෝටර් රථ තරගාවලිය නැරඹීමට පැමිණි පස් දෙනකු අනතුරුවලට ලක්වීමෙන් තුවාල ලබා ජාතික මහ රෝහලට ඇතුළත් කළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. ඉන් තිදෙනකු ප‍්‍රතිකාර ලබා පිටව ගොස් තිබෙන අතර දෙදෙනකු රෝහලේ මේ වන විටත් සිටින  බවත්, ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවත් රෝහල කියයි. තරගය අතරතුරදී මෝටර් රථ හා ගැටීමෙන් නරඹන්නන් දෙදෙනකුගේ පාදයකට හා හිසට තුවාල සිදුවිය. එස්. එල්. ජී. ටී. 3500 සුපිරි කාර් ඉසව්වේ ශූරයකු පැවසුවේ නරඹන්නන් ධාවන පථය අසලට විත් තරග නැරඹීමට ගත් උත්සහය නිසා ධාවකයන්ට අවදානමක් සහිතව තරග කිරීමට සිදු වු බවයි. මෝටර් රථ තරගාවලියක් සංවිධානය කිරීමේදී නරඹන්නන්ට සුදුසු ආරක්‍ෂිත ස්ථාන සකසා තිබිය යුතු බවත්, හිතුමතේ නරඹන්නන් ධාවන පථය අසළ රැදී සිටීම සහ ධාවන පථය මතින් ගමන් කිරීම සුදුසු ක‍්‍රියාවක් නොවන බවද ඔහු පැවසීය.