
( ලලිත් නවරත්න සහ ඔගස්ටීන් ප්‍රනාන්දු)
ඉස්සන් වගාව සඳහා පොකුණු සකස් කිරීමට ආනවිලුන්දාව රැම්සා තෙත්බිමේ කඩොලාන පරිසරය විනාශ කරමින් එහි අක්කර දෙකක පමණ බිම්ප්‍රදේශයක්
ඩෝසර් කළ ඩෝසර් රියදුරු ඇතුලු පුද්ගලයින් දෙදෙනෙකු සැප්තැම්බර් මස 04 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට හලාවත වැඩබලන
මහේස්ත්‍රාත් චානක උදයංග මහතා නියෝග කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුයේ ඩෝසර් රථයේ රියදුරුවන මුන්දලම, කීරියන්කල්ලිය පදිංචි 43 හැවිරිදි පෝරුතොටගේ අජිත් නිශාන්ත
කුමාර ප්‍රනාන්දු සහ ඉස්සන් ව්‍යාපාරවලට සම්බන්ධ පුද්ගලවෙකු වන බත්තුලුඔය පිංකට්ටිය පදිංචි 34 හැවරිදි වරිණකුලසූරිය නිශාන්ත ප්‍රනාන්දු
නැමැත්තෙකි.
මෙම සිද්ධියට අදාල තවත් පිරිස් සිටීනම් ඔවුන්වද වහාම අත් අඩංගුවටගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා පොලීසියට උපදෙස් ලබාදුනි.
ඉකුත් 25දින කිසියම් පිරිසක් විසින් බැකෝ යන්ත්‍ර සහ ඩෝසර් යන්ත්‍ර යොදා ගනිමින් එක් රැයක් තුළදී අක්කර දෙකක පමණ ප්‍රමාණයක් මෙසේ ඩෝසර්
කර රම්සා තෙත්බිම් පරිසරය විනාශකර ඉස්සන් පොකුණක් සාදා ඇති අතර ඉන් කුපිතවූ ප්‍රදේශ වාසීන් සහ පරිසර සංවිධාන ඊට විරෝධය පෑම හේතුවෙන් එම විනාශයන් සිදුකළ පුද්ගලයින් සහ යන්ත්‍රසූත්‍ර එම ස්ථානයෙන් කඩිනමින් ඉවත්කරගෙන ඇත.
මේ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භකළ ආනවිලුන්දාව රක්ෂිතයේ වනසංරක්ෂණ නිළධාරීන් වන සංරක්ෂණ දෙපාර්ත මේන්තුව එක්ව
අධිකරණයට කරුණු දැක්වීමෙන් අනතුරුව අධිකරණය මගින් ආරච්චිකට්ටුව පොලීසියට ලද නියෝගයකට අනුව මෙම සැකකරුවන් සමඟ ඉස්සන්
පොකුණුසෑදීමට උපයෝගී කරගත් ඩෝසර් යන්ත්‍රයක්ද, මුන්දලම සහ පිංකට්ටිය ප්‍රදේශ වලදී ආරච්චිකට්ටුව පොලීසිය විසින් අත්අඩංගුනට ගෙන
මෙසේ අධිකරණයට ඉදිරිපත්කරනු ලැබීය.



