
(සුමිත් පොතුපිටිය)
කළුතර බන්ධනාගාර තුල රදවා සිටින රැදවියකුට මත්ද්‍රව්‍ය සහ ජංගම දුරකථන ලබාදිම සදහා කාන්තාවකට ආධාර අනුබල දුන්බව කියන බන්ධනාගාර ජේලර්වරයකු අත්අඩංගුවට ගත්බව කළුතර උතුර පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වස්කඩුව ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි ජේලර්වරයකු බව පොලිසිය කීය.
පානදුර , හිරණ ප්‍රදේශයේ කාන්තාවක පසුගිය දිනක කළුතර බන්ධනාගාරයේ රැදවියකුට අයිස් මත්ද්‍රව්‍ය, හෙරොයින් සහ ජංගම දුරකථනයක් ලබාදීම සදහා සූදානම් වීමේදී අත්අඩංගුවට ගෙන තිබූණි.
එකී කාන්තාවගෙන් ප්‍රශ්න කිරීමේදී සැකකාර ජේලර් වරයා රුපියල් 35,000 ක මුදලක් ලබාගැනීමට කටයුතු කර තිබීමෙන් පසු සැකකාර ජේලර්වරයා වහාම ක්‍රියාත්මක වන පරිදි වව්නියාව බන්ධනාගාරයට මාරුකර යවා තිබේ.

