රැඳවියන්ට පොත් කියවීමට හුරු කරවීමේ වැඩපිළිවෙළක්


බන්ධනාගාර ගත කර සිටින රැඳවියන් පොත් පත් කියවීමට හුරුකර කියවු පොත් සම්බන්ධයෙන් යම් අකාරයක විචාරයක් ඉදිරිපත් කිරිමේ අවස්ථාව සලසා දී  ඒ අනුව රැඳවියන්ගේ සිරගත කාලය අඩුකිරීමේ වැඩපිළිවෙළක් ඉදිරියේදි අධිකරණ අමාත්‍යවරිය සමඟ සාකච්ඡා කර ජනාධිපතිවරයා වෙත යොමු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරජ් කාරියවසම් මහතා පැවසීය.
 
අමාත්‍යවරයා මේ බව පැවසුවේ වැලිකඩ බන්ධනාගාරයේ අද (26) පුස්තකාලය සහ ප්‍රතිසංස්කරණය කරන ලද ගොඩනැගිල්ලක් විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි. මෙම අවස්ථාවට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිනි තලතා අතුකෝරල මහත්මියද සහභාගි විය.
 
ඡායාරූප - ඉෂාන් සංජීව