ප‍්‍රථම වරට පැවැත්වෙන මහා බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි එළිසබෙත් රැජිණගේ තරුණ නායක සම්මාන උළෙලේදී ශ්‍රී ලාංකික තරුණයකු හා තරුණියක සම්මාන ලැබීමට තේරී ඇති බව රජයේ තොරතුරු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ජූනි 22 වැනිදා බකිංහැම් මාළිගයේදී පැවැත්වෙන මෙම සම්මාන උළලේදී දෙවැනි එළිසබෙත් රැජින අතින් මෙසේ සම්මාන හිමිකර ගන්නේ තේජිත සෞභාග්‍ය එදිරිසිංහ හා කාවින්ද්‍යා තෙන්නකෝන් යන දෙදෙනාය.
තමා ජීවත්වන ජන කොට්ඨාශවල වෙනසක් ඇති කිරීමට ජන ජිවිතය ගුණාත්මකභාවය ඉහළ නැංවීමට කළ මෙහෙය නිසා පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල තරුණ තරුණියන් අතරින් සම්මාන ලැබීමට සුදුසුකම් ලැබූ තරුණ තරුණියන් 60 දෙනා අතරට තේරී පත්වීමට තේජිත හා කාවින්ද්‍යා සුදුසුකම් ලැබූහ.
මෙම සම්මාන උළෙල පැවැත්වෙන් ප‍්‍රථම වතාවටය. එය 2018 වසර වනතෙක් කි‍්‍රයාත්මක වේ.

