රැකියා විරහිතයෝ ජනාධිපති හමුවන්න ඉල්ලයි


(රංජන් කස්තුරි)

උපාධිධාරීන් රැකියා ගත කිරීම සම්බන්ධයෙන් මතුව තිබෙන ගැටලුව ගැටළුව පිළිබදව සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානය සඳහන් කරයි.

දේශපාලන උත්සව පවත්වමින් පාර්ලිමේන්තුව රැස් කරමින් සහ හුදකලා ප්‍රදේශ විවෘත කරමින් ආණ්ඩුව වගකීම් විරහිතව කටයුතු කරමි සිටින අතර උපාධිධාරීන්ගේ ගැටලු සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා නොදීම හාස්‍යජනක යැයිද රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානයේ කැඳවුම්කරු මහේෂ් අඹේපිටිය මහතා පැවසීය.

2020 වසරේ සිට උපාධිය සමත් පිරිසකට රැකියා ලබාදීම සඳහා නිශ්චිත ක්‍රමවේදයක් සකස් කිරීම, උපාධිධාරීන් 60000 රැකියාගත කිරීමේ දී මතු වූ ගැටලුව ගැන සාකච්ඡාවක් අවශ්‍ය බවද අඹේපිටිය මහතා කීය.