රැකියා විරහිත උපාධිධරයෝ පාරට බසිති


 (නිමල කොඩිතුවක්කු සහ  හසිත රංග ගුණතිලක)

රැකියා  විරහිත උපාධිධාරීන් පනස් හත්දහස සඳහාම කප්පාදුවකින් තොරව  රැකියා ලබාදීම ඇතුළු  ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන උපාධිධාරී ජාතික මධ්‍යස්ථානය සංවිධානය කළ උද්ඝෝෂණයක් අද (25) දහවල් ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය ඉදිරිපිටදී පැවැත්විණි.

මෙම විරෝධතාව හේතුවෙන් කොළඹ කොටුව ලෝටස් පාර අසළ  මාර්ග රැසක රථවාහන තදබදයක් හටගෙන තිබුණි.

බදවා ගැනීමේ වයස් සීමාව 45 දක්වා ඉහළ දැමීම, අභ්‍යාසලාභී පුහුණු කාලය වසර 02  දක්වා දීර්ඝ  කිරීමේ තීරණය නවතා පුහුණු  කාලය වසර 1 දක්වා අඩු කිරීම, බඳවා ගැනීමේදී වසර අනුපිළිවෙල අනුගමනය කර බඳවා ගැනීම් සිදුකිරීම  හෝ සැමට රැකියා ගබාදෙන බවට ආණ්ඩුව සහතික වීම, ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ මූලස්ථාන වල හොර රහසේ සිදුකරන සම්මුඛ පරීක්ෂණ නවතා බඳවා ගැනීමේදි සිදුකරන දේශපාලන මැදිහත්වීම නතර කිරීම, උපාදියට සමාන්තර විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගත් ඩිප්ලෝමාධාරීන්ට හා දෘෂ්‍යාබාධිත උපාධිධාරීන්ට රැකියා අවස්තා ලබාදීම එම ඉල්ලීම් අතර වේ. 

මෙම උපාධිධාරීන් පිරිස ඊයේ පෙරවරු 12.30 ට පමණ ලෝටස් වටරවුම  ඉදිරිපිට  රැස්වී  ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය වෙත විරෝධතා පා ගමනක නිරතවීමේන් අනතුරුව විරෝධතාවය ආරම්භ කළේය.

සුදුසුකම් වයස් සීමාව 45 කරනු  පත්වීම් සඳහා දේශපාලන අතපෙවීම් නවතනු, උපාධිධාරින් සංවර්ධන නිළධාරීන් ලෙස බඳවා ගනු, ආබාදිත උපාදිධාරින් සඳහා සියයට 03ක කෝටාව ක‍්‍රියාත්මක කරනු, ආදි වැකි සඳහන්  බැනර් සහ විරෝධතා පුවරු  අතැතිව පිරිස  විරෝධතාවේ ගමන් ගත්හ.

පිරිස  ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයවෙත  ගමන් ගැනීම වළක්වමින්  පොලිසිය සහ පොලිස්  කැරලි මර්දන කණ්ඩායම් හා  අධි පීඩන ජල ප‍්‍රහාරක රථයක් ඒ වෙත කැඳවා තිබුණි.

පසුව  නියෝජිතයින් කිහිප දෙනෙකු  ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ නිළධාරීන් සමග ගැටළු සම්බන්ධයෙන් සාක්කච්ඡා පැවැත්වීමට පොලිසිය අවස්ථාව ලබාදුන්නේය.

එම සාකච්ඡාවෙන් අතරතුර ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ නිළධාරීන් වෙත සංදේශයක්ද භාරදෙනු ලැබීය.

සාකච්ඡා වලින් අනතුරුව  මාධ්‍ය වෙත අදහස් දැක්වමින්  උපාධිධාරී ජාතික මධ්‍යස්ථානය කැඳවුම්කරු චන්දන සූරියආරච්චි මහතා මෙසේ පැවසීය.

ඡායාරූප - ළහිරු හර්ෂණ