රැකියා විරහිත උපාධිධරයන් 20000කට රජයේ රැකියා


 

(රංජන් කස්තුරි)
 
රැකියා විරහිත උපාධීධාරින් 20,000කට රජයේ රැකියා ලබාදීමට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

එම උපාධීධාරීන් සංවර්ධන නිලධාරී තනතුරට බඳවා ගන්නා අතර ඔවුනට වසර දෙකක අභ්‍යාසලාභී පුහුණුවක් ලබාගැනීමට ද නියමිතය.

පුහුණු කාලය තුළ එම උපාධිධාරීන්ට දීමනාවක් ගෙවීමට නියමිත අතර ඔවුන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත කර සේවයට යෙදවීමට නියමිතය.

දිවයින පුරා දිස්ත්‍රික්ක මට්ටමින් උපාධීධාරින් බඳවා ගන්නා අතර ඔවුන් ඉදිරි දිනවලදී සම්මුඛ පරීක්ෂණ වලට ලක් කිරිමට නියමිතය.

උපාධිධාරීන්ට ලබන ජුනි මාසයේ සිට පත්වීම් ලබාදීමට නියමිතය.