නිමල කොඩිතුවක්කු
සියලුම රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් රැකියා විරහිත උපාධිධාරීන් රට පුරා උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇති බව ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ කැඳවුම්කරු තැන්නේ ඥාණානන්ද හිමියෝ ලංකාදීපයට පැවසූහ.
රැකියා විරහිත උපාධිධාරීන්ගේ ඉල්ලිම් වලට පිළිතුරු ලබා දෙනවා වෙනුවට පසුගිය (08) වැනිදා සිදුකළ ප්‍රහාරයට විරෝධය පළ කිරීම , පත්වීම් ලබාදීමේදී සිදුකරනු ලබන දේශපාලන අතපෙවීම් වහාම නවත්වන ලෙස සහ පොරොන්දු වූ පරිදි සියලුම රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදීම ඇතුලු ඉල්ලිම් ඒ අතර වන බව උන්වහන්සේ සඳහන් කළහ.
ඒ අනුව අනිද්දා (16) අනුරාධපුර, මහනුවර, කුරුණෑගල, රත්නපුර, මාතර, තංගල්ල, වවුනියාව, ත්‍රීකුණාමලය, කෑගල්ල, යාපනය, අම්පාර, මඩකලපුව, කළුතර සහ ගාල්ල යන දිස්ත්‍රික්ක 14 ඉලක්ක කරමින් මෙම උද්ඝෝෂණ ක්‍රියාමාර්ගය පැවැත්වේ.
වත්මන් අණ්ඩුව දිගින් දිගටම රැකියා විරහිත උපාධිධාරීන් රවටමින් සිටින බවත් මේ ප්‍රශ්නය විසදන තුරු අඛණ්ඩව විරෝධතා ක්‍රියාත්මක කරන බවත් තැන්නේ ඥාණානන්ද හිමියෝ වැඩිදුරටත් පැවසූහ.