රාහුල පාර උණුසුම් වෙයි


මාතර ඉසදීන් නගරයේ මව්පියෝ පිරිසක් මාතර අකුරැස්ස මාර්ගය අවහිර කරමින් පැයක් පමණ උද්ඝෝෂණයක් කළහ.

තම දරුවන් රාහුල හා සුජාතා විදුහල්වලට ඇතුළු කර නොගත්තැයි ඔවුහු මේ විරෝධතාවය පැවැත්වූහ.

උද්ඝෝෂකයන් පාරෙන් ඉවත් කිරීමට පොලිසිය ගත් උත්සාහයේ දී දැඩි උනුසුම් තත්ත්වයක් ඇති විය.

මාතර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ රෝහණ නානායක්කාර මහතා උද්ඝෝෂකයනට පැවසුවේ තෙදිනකින් ඔවුනට විසඳුමක් දෙන බවයි.

පාරෙන් ඉවත් වීම සඳහා ඔවුනට මිනිත්තු 15ක් කල් දෙන බව මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.