රාමේෂ්වරම් සිද්ධිය තිරු නඩේසන් කියයි
ප්‍රභාකරන්ගේ රුව සහිත ටී ෂර්ට් ඇඳ සිටි 40ක් පමණ තරුණයන් තමිල්නාඩුවේ රාමේෂ්වරම් කෝවිලේදී අද උදේ 7.15ට තමා වට කැරගෙන වහාම එතැනින් පිට වී යන ලෙස දැන්වී යැයි ද, පොලිසිය ද එහි පැමිණියේ යැයි ද ව්‍යාපාරික තිරු නඩේෂන් මහතා කටුනායක දී එසැණ සමග පැවැසීය. එම පිරිස ‘අපි දෙමළ‘ සංවිධානයේ අය බව කී නඩේසන් මහතා තමා වසර 25ක් තිස්සේ වන්දනා මාන කරන කෝවිලෙන් පිටවී ආවේ යැයි ද සඳහන් කෙළේය.

