රාමසාන් සමරන්න සෞදියෙන් රට ඉඳි


ලබන රාමසාන් මාසයේ ශ්‍රී ලංකාවේ  මුස්ලිම් දේවස්ථානවලට බෙදාහැරිම පිණිස සෞදි රජය විසින් රට ඉඳි ටොන් 250 ක් පරිත්‍යාග කර ඇති බව වාර්තාවේ.

වරාය සහ මුස්ලිම් කටයුතු පිළිබඳ අමාත්‍ය එම්. එච්. හලීම් මහතා සඳහන් කරනුයේ එම රට ඉදි තොගය ශ්‍රී ලංකාවේ සෞදි අරාබියා  තානාපති අබ්දුල් අසිස් බින් රහමාන් අල් ජමාස් මහතාට ලබා දුන් බවය.