රාමසාන් උපවාසයේ ලාංකිකයන්ට වැදගත් තැනක්


රාමසාන් උපවාස මාසයේ දි ආරාබියේ වෙසෙන ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාවට විශේෂ ස්ථානයක් හිමිව ඇත. සෞදියේ නැගෙනහිර පළාතේ රාමසාන් උපවාසය අතහැරීමේ මධ්‍යස්ථාන කිහිපයක ම ශ්‍රී ලාංකික සහ ඉන්දියානු ජනතාව නියෝජනය කරමින් මූළිකත්වය ගෙන කටයුතු කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකික මව්ලවිතුමන්ලාට හිමිව ඇත.

ප්‍රධාන නගරයක් ලෙසින් සැලකෙන දමාම් නගරයේ උපවාසය ඇත හැරීමේ මධ්‍යස්ථානයේ ධර්මදේශනා සහ අනිකුත් කටයුතු භාරව බිබිලේ මවුලවි මොහොමඩ් අසිස් මහතාද ක්‍රියා කරන අතර අල් කොබාර් උපවාසය ඇත හැරීමේ මධ්‍යස්ථානය භාරව බදුල්ල මොහොමඩ් අසාර්  මවුලවි තුමාද අල් හසා ප්‍රදේශය  භාරව අලුත්ගම සෆ්රාඩ් මවුලවි තුමාද ජුබෙල් මධ්‍යස්ථානය භාරව කැකිරාවේ ශාමින් මවුලවි තුමාද   ශ්‍රී ලාංකික සහ ඉන්දියානු තමිල්නාඩු ජනතාව වෙනුවෙන් ධර්මදේශනා සහ අනිකුත් කටයුතු වෙනුවෙන් සම්බන්ධීකරණය කරයි .

මේ පිලිබදව මාධ්‍යට අදහස් දැක්වූ දමාම් ජවාසාත් උපවාසයෙන් මිදීමේ කදවුරහි ශ්‍රී ලාංකිකයින් සහ ඉන්දීය ද්‍රවිඩ ජනතාව භාරව කටයුතු කරන මොනරාගල බිබිලේ අසිස් මවුලවි තුමා ප්‍රකාශකළේ කිසිදු බේදයකින් තොරව ලෝක වාසි සියලු ජනතාව මෙම මධ්‍යස්ථානයට පැමිණ  සහයෝගය ලබා දීම සදහා ආරාධනා කරන බවත්ය.  

DSC04792 DSC04793 DSC04795 DSC04802 DSC04804 DSC04805 DSC04807