අධ්‍යාපන රාජ්‍ය ඇමැති වී.රාධක්‍රිෂ්ණන් අද (14) අධ්‍යාපන අමාත්‍යංශයේදී වැඩ බාරගත්තේය.
එම අවස්ථාවට අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාද එක්විය.
අධ්‍යාපනය යනු මේ රටේ අනාගතය බවත් එය තමාට පැවැරීම ගැන සතුටු වන බවත් රාධක්‍රිෂ්ණන් මහතා පැවසීය.
උතුරු නැගෙනහිර ජනතාවටත් සිංහල ජනතාවටත් එක හා සමාන අධ්‍යාපන පහසුකම් ලබාදීමට උපරිම උත්සාහ කරන බවද අධ්‍යාපන රාජ්‍ය ඇමැතිවරයා එහිදී සඳහන් කළේය.




