රාත්‍රී 8 සිට යළිත් පොලිස් ඇදිරිනීතීය


( ඉන්දිකා රාමනායක)

අද රාත්‍රී  8 සිට  හෙට අලුයම 4 දක්වා  දිවයින පුරා  යළිත්  පොලිස් ඇදිරිනීතිය  ක්‍රියාත්මක  කිරීමට  රජය පියවර ගෙන තිබේ.
 
ඊයේ (21) සිදු වු පිපිරීම්  සමඟ රටෙහි ඇති වු  කළබලකාරී තත්ත්වය හේතුවෙන්  මෙම පියවර ගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.
 

ඊයේ (21) සවස 3 ට පමණ හදිසියේ පොලිස් ඇදිරිනීතිය ප්‍රකාශ කළ අතර අද උදෑසන 6 ට එය  අවසන් කළේය.