රාඩා වංචාවේ 4ක් යළි රිමාන්ඩ්


සුනාමි ප්‍රතිසංස්කරණ හා සංවර්ධන ඒජන්සිය (රාඩා) හරහා මූල්‍ය අක්‍රමිකතාවයක් සිදුකළැයි සැකපිට ආචාර්ය ජයන්ත සමරසිංහ ඇතුළු සැකකරුවන් 4 දෙනකු අගෝස්තු 25 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කිරීමට කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (12) නියෝග කළේය.

රාඩා ආයතනයේ සභාපති ලෙස කටයුතු කළේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතාය.