මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අඟහරුවාදා අත් අඩංගුවට ගත් රාඩා ආයතනයේ මූල්‍ය පරිපාලන අධ්‍යක්ෂ ආචාර්ය ජයන්ත සමරසිංහ ලබන ජූලි 8 දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය.
මීට පෙර ඒ සම්බන්ධයෙන් අත් අඩංගුවට පත්ව රිමාන්ඩ් භාරයේ සිටි ශ්‍රී ලංකා ඛනිජ තෙල් ගවේෂණ උපදේශකවරයකු වන රාඩා ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සාලිය වික්‍රමසූරියට රුපියල් 50,000 ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 10 බැගින් ශරීර ඇප දෙකක් මත නිදහස් කිරීමටද කොටුව මහේස්ත්‍රාත්වරයා අද (24) නියෝග කළේය.

