රාඩා නඩුවේ දෙන්නකුට ඇප


පසුගිය සුනාමි සමයේ උතුරු නැගෙනහිර විපතට පත් වුවනට සහන සැලැස්වීමට පිහිට වු රාඩා ආයතනය එකම ගෙයක්වත් නොහදා මුදල් වංචා කළැයි කියන නඩුවේ  සැකකරුවන් වන ආචාර්ය ජයන්ත සමරසිංහට රුපියල් ලක්ෂ 20 ශරීර ඇප හා රුපියල් 25,000 ක මුදල් ඇප ද පී.එස්.සුදන් යන අයට රුපියල් ලක්ෂ 10 බැගින් ශරීර ඇප දෙකක් ද කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් අද (9) නියම කැරිණි.

ප්‍රධාන සැකකරු හිටපු මන්ත්‍රී හා පුනරුත්ථාපන හා සංවර්ධන (රාඩා) ඒජන්සියේ සහාපති ටිරාන් අලස්ගේ මුලික අයිතිවාසිකම් පෙත්සම විභාග කර අවසන් වන තුරු ඔහු අත්අඩංගුවට නොගන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සැලකිල්ලට ගෙන ඔවුන්ගේ නිතිඥයෝ අධිකරණයෙන් ඉල්ලා සිටියහ.