(ළහිරු හර්ෂණ)
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි යන අයට කොළඹ මහාධිකරණය අද(28) අධිචෝදනා පත්‍ර බාර දුන්නේය.
සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව පවත්වා එවකට ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අසත්‍ය චෝදනා එල්ල කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් මහාධිකරණය විසින් මොවුනට අධිචෝදනා පත්‍ර බාර දෙනු ලැබීය.




