රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති පුවත් පත් සාකච්ඡාවකදී රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයා ලෙස අනුරුද්ධ පොල්ගම්පොල මහතා පත්කිරීම සම්බන්ධයෙන් කැබිනට් ප‍්‍රකාශක හා සෞඛ්‍යල පෝෂණ හා දේශීය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් මාධ්‍යවේදීහු අදහස් විමසූහ. එම අවස්ථාවේදී මාධ්‍යවේදීන් සහ කැබිනට් ප්‍රකාශක සේනාරත්න මහතා අතර ඇතිවූ දෙබස පහත පරිදි වේ.
මාධ්‍යවේදියා - බරපතල මූල්‍ය චෝදනා දෙකකට අත්අඩංගුවට පත්වූ අනුරුද්ධ පොල්ගම්පොල මහතා රාජ්‍ය දැව සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත්කර තිබෙනවා. මේ වගේ නිලධාරීන් පත්කරලා ජනාධිපතිතුමා බලාපොරොත්තු වන්නේ කුමක්ද?
අමාත්‍යවරයා - එතුමා තමයි මටත් විරුද්ධව අල්ලස් කොමිසමට පැමිණිලි කලේ.
මාධ්‍යවේදියා - ජනාධිපතිවරයාට, නිදහස් පක්ෂයට මැතිවරණයට සහය දුන් අයව ඉහළ තනතුරු වලට පත්කිරීමද? යහපාලනය කියන්නේ
අමාත්‍යවරයා - සාමාන්‍යයෙන් මේ වගේ ඉහළ තනතුරු සඳහා පත්කරන්නේ තමන්ට පාක්ෂික අයෙක් තමයි
මාධ්‍යවේදියා - ඔබතුමාලා කථා කරන්නේ විද්‍යාත්මක පදනමක් මත ඇමැතිධූර දෙනවා, සභාපතිධූර දෙනවා කියලා. ඒත් මේ අවස්ථාවේ විද්‍යාත්මක පදනමක් භාවිතා කර තිබේද?
අමාත්‍යවරයා - විද්‍යාත්මකව සුදුසුකම් බලලා පත් කළ නිලධාරීන්ද මේ වගේ චෝදනා වලට ලක්වෙලා තියෙනවා.
මාධ්‍යවේදියා - අනුරුද්ධ පොල්ගම්පොල මහතා දෙවරක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වගේම ජවිපෙ මන්ත‍්‍රීධූරයෙන් ඉවත් කර තිබෙනවා. මෙවැන් පුද්ගලයෙක් ලත්කිරීම සම්බන්ධයෙන් ඔබ අවධානය යොමු කරනවාද?
අමාත්‍යවරයා - ඔව් අපි මේ ගැන හොයා බලනවා.
මෙම අවස්ථාවට අමාත්‍ය තලතා අතුකෝරල මහත්මියද සහභාගී වී සිටි අතර මාධ්‍යවේදීන් ප‍්‍රශ්න ඇසීමට සූදානම් වන විට කාලය ප‍්‍රමාණවත් නොවන බව පවසමින් අවස්ථාව මඟහැරියාය.
වීඩියෝ දර්ශන නැරඹීමට පහත ලින්ක් එක වෙත යොමුවන්න
https://www.youtube.com/watch?v=UUFebHHQGVM