රාජිතට එරෙහිව ලෝක සෞඛ්‍ය සංවිධානයට පැමිණිල්ලක්


(රංජන් කස්තුරි)
 
තමන්ට ලබාදුන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක සභාවේ උපසභාපතිධුරය අවභාවිත කරමින් රාජිත සේනාරත්න ඇමතිවරයා ඔහුගේ ප්‍රතිරූපය ගොඩනගාගැනීමේ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කරන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෝක සෞඛ්‍ය සංවිධානයට අද(21) පැමිණිලි කර තිබේ.
 
රාජිත සේනාරත්න ඇමතිවරයාට මේ වනවිට බරපතල දූෂණ හා අක්‍රමිකතා ගණනාවක් පිළිබඳව තොරතුරු මතුව ඇතැයිද ඒ සම්බන්ධයෙන් මේ වනවිට ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ සියලු කරුණු හෙළිදරව්වෙමින් තිබෙන බවද පැමිණිල්ලේ සඳහන් වේ.
 
ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කර නැති බාල ඖෂධ රෝගීන්ට ලබාදීම, නෙවිල් ප්‍රනාන්දු රෝහලට රජයේ මුදල් බිලියන 50කට ආසන්න මුදලක් යොමුකිරීම ආදී චෝදනා ඒ අතර වන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කළ පැමිණිල්ලේ සඳහන් වේ.