රාජිතගේ පුතා ළඟ ඉන්න දැරිය රට යවන්න බෑ


ඇමැති රාජිත සේනාරත්න මහතාගේ පුතකු බලෙන් රඳවාගෙන සිටින බව කියන පාසල් ශිෂ්‍යාව විදේශගත වීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (23)  නියෝගයක් පැනවීය.

ඇය විදේශගත කිරීමේ සූදානමක් ඇතැයි ඇගේ මව්පියෝ උසාවියට කරුණු දැක්වූහ.

ඇමැති සේනාරත්න ඇතුළු 14 දෙනකුට එරෙහිව දියණියගේ භාරය ඉල්ලා හබයාස්කෝපූස් පෙත්සමක් ඉදිරිපත් කර ඇත.