රාජිතගේ ප්‍රකාශට විරෝධය පා කලු පටි බැද හබරාදුව ප්‍රා.ස විරෝධයක්


( සුමතිපාල දීයගහගේ )


 සෞඛ්‍ය ඇමති රජයේ කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා විසින් රණවිරුවන්ට අපහාසවන අන්දමින් කරන  කරන ලද ප්‍රකාශයට විරෝධය පල  කිරිම සදහා හබරාදුව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම 
මන්ත්‍රීවරුන් අද (22) පැවති හබරාදුව ප්‍රාදේශීය සභා රැස්වීමට අත්වල කලුපටි  බැද ගෙන පැමිණියහ.


 ප්‍රාදේශීය සභාවේ සභාපති දිල්ෂාන් විදානගමගේ සහ උප සභාපති බන්දුපාල  අබේකෝන් යන මහත්වරුන් ඇතුලු පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රිවරියන් පහළොස් දෙනාම අත්වල කලුපටි බැද ගෙන රාජිත සේනාරත්න 
මහතාගේ ප්‍රකාශයට විරෝධය පල කරමින් රැස්වීමට සහභාගී වුහ.

ඉන් අනතුරුව සාමාන්‍ය පරිදි සභා රැස්වීම පැවැත්වුණි.