රාජිත සේනාරත්න ලෝක සෞඛ්‍ය සංවිධානයේ දෙවැනි පුටුවට


තරිඳු ජයවර්ධන

ලෝක සෞඛ්‍ය සංවිධානයේ  උප සභාපතිවරයා ලෙස සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා නිතරඟයෙන් තේරී පත්වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.
 
ජිනීවා නුවර පැවැත්වෙන විධායක සභා රැස්වීමේ දී එළඹෙන වසරක කාලයක් සඳහන් සභාපති සහ උප සභාපති තෝරා ගැනීම සිදු විය.
 
සභාපතිවරයා ලෙස තේරී පත් වූයේ බ්‍රසීලයේ සෞඛ්‍ය ඇමැතිවරයාය.
 
ලංකාවේ සෞඛ්‍ය ඇමැතිවරයකු ලෝක සෞඛ්‍ය සංවිධානයේ   ප්‍රධාන තනතුරකට පත්වූ පළමු අවස්ථාව මෙය වේ.