රාජිත - චතුර සඳුදා .සී.සී.ඩීයට


(නිමන්ති රණසිංහ)

මාධ්‍ය වේදියකු පැහැර ගත්තැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා දීම සඳහා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ ඔහුගේ පුත් චතුර සේනාරත්න යන මහත්වරුන් ලබන සදුදා 22 කොළඹ අපරාධ කොට්ඨාශයට පැමිණීමට නියමිතව ඇතැයි පොලීසිය සඳහන් කරයි.

ඉකුත් දින දෙක තුළ මෙම සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පැමිණෙන ලෙසට කොළඹ අපරාධ කොට්ඨාශය කොට්ඨාෂය ඔවුන් ට ද දැනුම් දී තිබුනි.

එහෙත් කලින් යොදා ගත් දේශපාලන කයුතු කිහිපයක් හේතුවෙන් තමන්ට කැඳවූ දින දෙකේ දී පැමිණිය නොහැකි බවට ඔවුන් නීතීඥයකු මගින් ලිඛිතව පොලිසියට පොලීසියට දැනුම් පොලීසියට දැනුම් දී ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාශය පවසයි.

ඒ අනුව තමන් ලබන සදුදා පොලීසියට පැමිණ ප්‍රකාශයක් ලබාදීමට කටයුතු කරන බව ඔවුන් එම ලිපිය මගින් කොළඹ අපරාධ කොට්ඨාශයේ ස්ථානාධිපතිවරයාට දැනුම් දී තිබේ .