(දයාරත්න ඇඹෝගම)
රාජාංගනය ජලාශයෙන් ජලය ලබා ගෙන සිදු කිරීමට යෝජිතව තිබු පානීය ජල ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවිමට තිරණය කළ බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.වන්නිනායක මහතා පැවසීය.
මෙම යෝජිත ජල ව්‍යපෘතිය ක්‍රියාත්මක කිරීමට විරෝධය පල කරමින් රාජාංගනය ප්‍රදේශයේ ගොවින් පිරිසක් ඉකුත් 28 වැනි දින තඹුත්තේගම නගරයේදි දැවැන්ත උද්ඝෝෂණයක නිරත විය.
මෙම යෝජිත ජල යෝජනා ක්‍රමය පිලිබඳව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.වන්නියාක මහතා මෙසේ පැවසිය.
‘‘ මෙම ජල යෝජනා ක්‍රමය පුද්ගලික අංශය මගින් සිදු කරන ව්‍යාපෘතියක් නොවෙයි මෙය රජයේ ව්‍යාපෘතියක්.පසුගිය 2011 වසරේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත ජාතික ජල සම්පාදන මණ්ඩලය වාරිමාර්ග දෙපාර්තමේන්තුව එක්ව සිදු කරන ව්‍යාපෘතියක්.
මෙම ව්‍යාපෘතිය රාජාංගනය ජලාශයෙන් ජලය ලබා ගෙන තඹුත්තේගම නගරය සහ ඒ අවට පදිංචි පුද්ගලයන්ට පානිය ජලය ලබාදිමේ ව්‍යාපෘතියකි.
මෙම ජල ව්‍යපෘතිය මගින් රාජාංගනය ජලාශයේ වතුර නැතිවෙයි . ගොවිතැනට වතුර හිඟ වෙයි කියලා මේ ගොවි ජනතාව සිතා සිටිනවා . එහෙම වෙන්නේ නැහැ . නියමිත ජල කලමණාකරනයක් අනුවයි මේ ව්‍යාපෘතිය කරන්න සැළසුම් කර තිබෙන්නේ.
අනෙක් කාරණය මේ ජල ව්‍යාපෘතිය නිම වෙන්නේ 2021 දි.මේ වන විට සිදු වෙමින් පවතින්නේ මිණුම් කටයුතු පමණයි.
කෙසේ වෙතත් නැවත මේ සම්බන්ධයෙන් සියලු දෙනා එක්ව සාකච්ඡා කර විසදුමක් ලබාගන්නා තෙක් ජල ව්‍යාපෘතියේ කටයුතු තාවකාලිකව අත් හිටුවීමට පියවර ගෙන තිබෙන ඒ මහතා පැවසීය.‘‘