රාජ්‍ය සේවා කොමිසම පත් කැරෙයි


නව රාජ්‍ය සේවා කොමිසම  මහින්ද රාජපක්ෂ ජනපති විසින්  අද අරලියගහ මැදුරේ දී පත් කරනු ලැබීය.

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සත්‍ය හෙට්ටිගේ මහතා වසර තුනක කාල සීමාවක් සඳහා බල පැවැත්වෙන පරිදි කොමිසමේ සභාපතිත්වය දරයි.

එස් සී මානප්පෙරුම, ආනන්ද සෙනවිරත්න, එන් එච් පතිරන, එස් තිල්ව නඩරාජා, එස් ඒ මොහොමඩ් නහියා, කාන්ති විජේතුංග, සුනිල් එස් සිරිසේන, විශේෂඥ වෛද්‍ය අයි එන් සොයිසා ගුණසේකර මහත්ම මහත්මීහු කොමිසමේ සාමාජිකයෝ වෙති.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 55 වැනි වගන්තිය යටතේ රාජ්‍ය සේවයේ පත්වීම්, උසස්වීම්, මාරුවීම් සහ විනය පාලන කටයුතු සඳහා කොමිසමට බලය පැවරේ.