ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලනආයතනය මගින් ගුණාත්මක රාජ්‍ය සේවයක් සඳහා රාජ්‍ය කළමනාකරණයට ඉ-රාජ්‍ය පාලනය නමැති පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ලබන ජනවාරියේ සිට රජයේ නිලධාරීන් සඳහා ආරම්භ කිරීමට යන බව එහි අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය එම්.තිලකසිරි මහතා පවසයි.
තොරතුරු තාක්ෂණය මූලිකව රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණයක් තුළින් යහපාලනය මුදුන් පමුණුවා ගැනීම මෙහි අරමුණ බවද තිලකසිරි මහතා කියයි.



