රාජ්‍ය සේවකයන්ට නිල නිවාස


(ශාන්ත රත්නායක)

රජයේ සේවයේ යෙදෙන අයට නිල නිවාස ක්‍රමයක් ආරම්භ කරන බවත් එය ‘නිල සෙවණ‘ වැඩසහටහන යටතේ ක්‍රියාත්මක කරන බවත් රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා  අද(2) 2018 වසරේ රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව ලබා දෙමින් නව වසරට වැඩ ඇරඹීම නිමිත්තෙන් පැවැති උත්සවයට සහභාගි වෙමින් පැවසිය.

‘‘පසුගිය අවුරුදු තුනේ මේ රජයට පුළුවන් වුණා ලක්ෂ 14 ක් වන රාජ්‍ය සේවයේ ගෞරවය ආරක්ෂා කරන වැටුපක් ලබාදෙන්න. අපට ඕනෑ 2018 වර්ෂයේ  දුෂණයෙන් වංචාවෙන් තොර රාජ්‍ය සේවයක් ඇති කිරීමටයි‘‘ යැයි ද ඇමැතිවරයා කීය.