වහා ක්‍රියාත්මක වන පරිදි සියලු රාජ්‍ය සේවකයන් පිළිපැදිය යුතු නව කොන්දේසි මාලාවක් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය මගින් පනවා තිබේ.
ඒ අනුව සියලු රාජ්‍ය සේවකයන් මහජන දිනය ලෙස වෙන් කර ඇති බදාදා කාර්යාලයයේ රැඳී සිටීම අනිවාර්යය වේ.
මහජනතාව යොමු කරන ලිපි සඳහා සතියක් ඇතුළ ලිපිය ලද බවට දැනුම් දිය යුතු වන අතර මාසයක් ඇතුළත ඊට පිළිතුරු යැවීම අනිවාර්ය බව ද නව චක්‍රලේඛයේ සඳහන්ය.
මහජන ලිපිවලට පිළිතුරු යැවීමේ දී ලිපිය ලද භාෂාවෙන්ම පිළිතුරු ලිපිය ද යැවිය යුතුය.
විශාල ලෙස මුදල් යොදවමින් හා රාජ්‍ය දේපලා යොදවමින් උත්සව පැවැත්වීම ද තහනම් කර තිබේ.
එම කොන්දේසි නොපිලිපදින රාජ්‍ය සේවකයන් සඳහා විනය පියවර ගන්නා බව ද නව චක්‍රලේඛයේ සඳහන්ය.

