රාජ්‍ය රූපවාහීනි නාලිකා නිවේදක සහ පුතා යළි රිමාන්ඩ්


(ටෝනි කරුණානායක)
 
කඩවත සුපිරි වෙළඳසල් රථ ගාලකදී පුද්ගලයකුට තියුණු ආයුධයකින් ඇන තුවාල සිදු කළැයි චෝදනා සම්බන්ධයෙන් අධිකරණ නියමයෙන් 12 වැනි දා සිට රිමාන්ඩ් බාරයේ පසුවන රාජ්‍ය රූපවාහීනි නාලිකාවක නිවේදකයා සහ ඔහුගේ පුතුට ඇපදීම ප්‍රතික්ෂේප කළ මහර මහේස්ත්‍රාත් හේෂාන්ත ද මෙල් මහතා සැකකරුවන් දෙදෙනා ලබන 18 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස නියෝග කළේය. 


ඉකුත් 9 වැනි දා රාත්‍රී වත්තල එඩේරමුල්ල ප්‍රදේශයේ කායවර්ධන ශිල්පියකුට පහරදී තියුණු ආයුධයකින් ඇන තුවාල සිදුකිරිමේ චෝදනා සම්බන්ධයෙන් ප්‍රියශාන්ත මහේෂ් නිශ්ශංක යන නිවේදකයා සහ ඔහුගේ පුත් තනුජ කාවින්ද නිශ්ශංක (24) යන දෙදෙනාව මෙසේ රිමාන්ඩ් බාරයට පත් කෙරිණි.


අධිකරණයෙන් ඇප නියම කර ඇති නිවේදකයාගේ පාසල් යන පුතාද අද (13) අධිකරණයට ඉදිරිපත් වී තිබුණි.