රාජ්‍ය-පෞද්ගලික අංශයන්ට සතියක් නිවසේදී රැකියා කටයුතු කරන්නැයි උපදෙස්


(අජන්ත කුමාර අගලකඩ)

හෙට(20) සිට ලබන සිකුරාදා(27) දක්වා වූ කාලය නිවසේ සිට රාජකාරී කටයුතු කරන කාලසීමාවක් ලෙස රජය ප්‍රකාශයට පත්කර තිබේ.

මෙම තීරණය රාජ්‍ය සහ පෞද්ගලික යන අංශ දෙකටම අදාළව ක්‍රියාත්මක කරන ලෙස රජය දැනුම් දෙයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැති සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගෙන ඇත.