(ඉෂාන් සංජීව)
වත්මන් ආණ්ඩුවෙන් ඉවත් නොවී රාජ්‍ය නායකයා වීමට කල්පනා කරන්නැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ අද (31) පැවති සුවපති අභිෂේකය උත්සවයේදීය.
එහිදී අදහස් දැක්වු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා
“මහාචාර්යතුමාලා දෙපලගේම කතාවේදී ඉඟියක් කළා.මා හිතවත් කාලෝ ෆොන්සේකා මහාචාර්යතුමා කිව්වා පළමු සෞඛ්‍ය ඇමති එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතා ඉන්න තැනින් එළියට ඇවිත් රටේ රාජ්‍ය නායකයා වුණා කියලා.
ඒ වගේම එතුමා කිව්වා වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සෞඛ්‍ය ඇමති විදියට ඉඳලා ඉන්න තැනින් එළියට ඇවිල්ලා රාජ්‍ය නායකයා වුණා කියලා.
එම කරුණ හොඳයි මම ආශිර්වාද කරනවා. ඉන්න තැනින් එළියට ගිහින්ද ඉන්න තැන ඉඳගෙනද කියලා මට ප්‍රශ්නයක් තිබෙනවා. ඒ ගැනත් හිතන්න කියලා සෞඛ්‍ය ඇමතිවරයාට කියනවා. රාජිත සේනාරත්න මහතාගේ දක්ෂතාවයන්, හැකියාවන්, නිර්මාණශීලිභාවයන්, අවංකම, එඩිතරකමට සුබ පතනවා“යනුවෙන් පවසා සිටියේය.