පුර්ව මැතිවරණ කාලසීමාව තුළ මැතිවරණ නීති උල්ලඝනය වන ආකාරයේ ප්‍රචණ්ඩ ක්‍රියා 17 ක් සහ රාජ්‍ය දේපල අයථා ලෙස පරිහරණ අවස්ථා 41 ක් සිදුවී ඇති බව ජාතික මැතිවරණ නිරික්ෂණ මධ්‍යස්ථානය අද (10) මාධ්‍ය හමුවක දී පැවසීය.
මෙයට අමතරව ශ්‍රි ලංකා දුම්රිය දේපාර්තමේන්තුව, සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍යාංශය, ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවකට හදිසි බඳවා ගැනීම් සිදුකර ඇති බවත් ඒවා පෙර දාතම සිහිතව ලබාදී ඇති බවත් මැතිවරණ නිරික්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සංවිධාක නිතිඥ රසාංග හරිස්චන්ද්‍ර මහතා පැවසීය. එම සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක නිතිඥ රුවන් අබේගුණවර්ධන සහ කැඳවුම්කරු ගෝඨාභය සුමනසේකර යන මහත්වරු ද මේ අවස්ථාවට එක්වුහ.


