රාජ්‍ය ණය කළමනාකරණ පනත සම්මතයි


(සුජිත්  හේවා ජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

රාජ්‍ය ණය කළමනාකරණ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද (07) විවාද කිරීමෙන් අනතුරුව  සංශෝධන සහිතව සම්මත විය.

අද පැවති පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය  අවසානයේදී  කාරකසභා අවස්ථාව එළඹි අතර එහිදී පනත්කෙටුම්පතට සංශෝධන එක්විය. අනතුරුව පනත්කෙටුම්පත  තෙවනවර කියවීද සම්මත විය.

ආණ්ඩුව වෙනුවෙන් රාජ්‍ය ණය ගැනීම, නිකුත් කිරීම සහ රාජ්‍ය ණය සේවාකරණය සඳහා බලය ලබාදීම සහ ඇපකර නිකුත් කිරීම ආදී රාජ්‍ය ණය කළමනාකරණය කිරීම සහ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය පිහිටුවීම මෙන්ම ඊට සම්බන්ධ හෝ අනුශාංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම අරමුණු කරගත් මෙම පනත් කෙටුම්පත 2024  අප්‍රේල් 26 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.