රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයේ නොසන්සුන්කාරී තත්වයක්


(යොහාන් භාසුර)

අප්‍රේල් මස වැටුප් නොගෙවීමට විරෝධය දක්වමින් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයේ සේවකයන් පිරිසක් එහි සභාපති නීතීඥ රත්නසිරි කළුපහන මහතාගේ කාර්යාලය වට කරමින් අද (29) පෙරවරුවේ විරෝධතාවක් දැක්වූහ.

සේවකයන් සභාපතිවරයාගේ කාර්යාලයට ඇතුල්වීමට කළ උත්සාහයත් සමඟ කොළඹ 2 පිහිටි ඉංජිනේරු සංස්ථා මූලස්ථාන නොසන්සුන්කාරී තත්වයකට පත්විය. එම තත්වය හමුවේ සභාපතිවරයාට පැය කීපයක් කාර්යාලයේම රැදී සිටීමට සිදුවිය.

කොම්පඤ්ඤවීදිය පොලිසියේ සහ කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය අංශය මැදිහත්ව විරෝධාකරුවන් සභාපතිවරයාගේ කාර්යාලය අසළින් ඉවත්කර තත්වය පාලනය කළේය.

(ඡායාරූප: ගයාන් අමරසේකර)