රාජ්‍ය ඇමතිනිය හෙට අගමැති හමුවෙයි


(අංජුල මහික වීරරත්න)

ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මියට කොළඹට පැමිණ හෙට (04) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

රාජ්‍ය ඇමතිනිය හමුවීමෙන් පසුව යාපනයේ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරනු ඇතැයිද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

යාපනය වීරසිංහම් ශාලාවේ පැවති උත්සවයකදී විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප්‍රකාශයක් ගැන දේශපාලනයේ ආන්දෝලනාත්මක තත්ත්වයක් හට ගෙන පවතියි.

අද (03) වන විටත් යාපනයේ රැදී සිටි විජයකලා මහේෂ්වරන් මහත්මිය හෙට දිනයේ කොළඹට පැමිණ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවන්නේ මේ පසුබිම යටතේය.