
(ජයන්ත සමරකෝන්)
රාජ්‍ය ආයතනවලට අයත් වෙළඳ නිෂ්පාදන ද්‍රව්‍ය එකම ස්ථානයකින් මිලදී ගැනීම සඳහා රජවාසල නමින් නවතම වෙළඳ සැල් ක්‍රමයක් රටපුරා ආරම්භ කිරීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත.
එහි ප්‍රථම අදියර යටතේ නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ රජවාසලක් ළඟදීම ආරම්භ කරන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
සෑම රාජ්‍ය ආයතනයක් මගින් දැනට වෙන් වෙන්ව පවත්වාගෙන යන මෙම අලෙවිසැල් එකම වහලක් යටට ගෙනඒමෙන් පාරිභෝගික ජනතාවට පහසුවෙන් අවශ්‍ය ද්‍රව්‍ය මිලදීගැනීමට මෙමගින් හැකිවන බවද අමාත්‍යවරයා කීය.
මෙම රජවාසල වෙළඳ සැල් ඉදිරියේදී රටපුරා ආරම්භ කිරීමට අමාත්‍යාංශය කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
(ඡායාරූප -ළහිරු හර්ෂණ)

