රාජ්‍ය ආයතනය 17 ක් ගැන පාර්ලිමේන්තුවේ දිනක විවාදයක්


(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජූලිගේ)   

                                          
රාජ්‍ය ආයතන 17ක් සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුණු කෝප්කමිටු වාර්තාව පිළිබඳව දිනක විවාදයක් ලබාදීමට සූදානම් බව සභානායක ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද(24) පැවසීය. 

         
2017 වසරේ මාස දෙකක කෝප් කමිටු වාර්තාව එහි සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා සභාවට අද(24) ඉදිරිපත් කළ පසු ඒ පිළිබඳව විවාදයක් ලබාදෙන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා කළ ඉල්ලීමට පිළිතුරු දෙමින් සභානායකවරයා එසේ පැවසීය.