නිමල කොඩිතුවක්
රටතුළ හදිසි විදුලි අවශ්‍යතා ඇතිවන විට රාජ්‍ය ආයතන සතු ජනන යන්ත්‍ර (ජෙනරේටර්) මගින් විදුලිය ලබාගැනීම සම්බන්ධයෙන් වන යෝජනාවක් රජයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ශ්‍රි ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා පැවසීය.
රාජ්‍ය ආයතන සතුව මේ වනවිටත් ජනන යන්ත්‍ර බොහෝමයක් භාවිතා වන බවත් මෙම ජනන යන්ත්‍ර මගින් මෙගාවොට් 150 - 200 අතර විදුලි ප්‍රමාණයක් ජාතික පද්ධතියට ලබාගැනීමේ හැකියාව පවතින බවත් ඔහු කියා සිටියේය.
ශ්‍රි ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා කාර්යාලයේ අද (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
හදිසි විදුලි අවශ්‍යාතාවක් ඇතිවු විට පෞද්ගලිත අංශයෙන් වැඩිමිලට විදුලිය මිලදීගැනීම වෙනුවට රාජ්‍ය ආයතන සතු මෙම ජනන යන්ත්‍ර භාවිතා කිරිම කෙරෙහි ශ්‍රි ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අවධානය යොමුවී ඇත.
මෙම විදුලිය ජාතික පද්ධතියට ලබාගන්නා ආකාරය පිළිබඳව රජය දැනුවත් කර ඒ සම්බන්ධ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමට කටයුතු කරන බවත් දමිත කුමාරසිංහ මහතා කීවේය.
රාජ්‍ය ආයතන සතු ජනන යන්ත්‍ර මගින් නිපදනවන විදුලිය සඳහා සාධාරණ ගෙවීමක් සිදුකර විදුලිය ලබැගැනීම රජයට මෙන්ම විදුලිබල මණ්ඩලයටද සහනදායි ක්‍රියාවක් වනු ඇති බවද හෙතෙම පෙන්වාදුන්නේය.
රජය සතු ආයතන වල ජනන යන්ත්‍ර වලින් විදුලිය ජනන කිරීම ආරම්භ කළහොත් හදිසි අවස්ථාවලදී ටෙන්ඩර් කැඳවීමකින් තොරව විදුලි මිලදීගැනීමට හැකි බවත් එහිදී වැයකිරීමට සිදුවන අධික මිල මග හරවා ගතහැකි බවත් දමිත කුමාරසිංහ මහතා සඳහන් කළේය.