රාජස්ථාන් පිල කඩුලූ 5 කින් ජයගනී
ඉන්දීය ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (අයි.පී.එල්.) අද (17) ජායිපූර්හිදී පැවැති පළමු තරගයේදී රාහුල් ද්‍රාවිඞ් මෙහෙයවන රාජස්ථාන් රෝයල් පිල කඩුලූ 5 කින් ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාරගේ නායකත්වයෙන් යුත් ඩෙකෑන්චාජර්ස් පිල පරාජය කළේය.
මෙහිදී කුමාර් සංගක්කාර ආරම්භක පිතිකරු ලෙස ක‍්‍රීඩා කරමින් පන්දු 32 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 44 ක් රැස් කළේය.
* ජායිපූර් ක‍්‍රීඩාංගණයේදී
ඩෙකෑන්චාජර්ස් පිල ඕවර 20 කදී කඩුලූ 2 ට 196 (කුමාර් සංගක්කාර 44, ශිකර් දාවන් 52, ඩැනියල් ක‍්‍රිස්ටියන් නොදැවී 29, ජේ. පී. ඩුමිනි නොදැවී 58)
රාජස්ථාන් රෝයල් පිල ඕවර 19.4 කදී කඩුලූ 5 ට 197 (රාහුල් ද්‍රාවිඞ් 42, ආජින්යා රහන් 44, ඒ. මිහාරියා 22, බ‍්‍රැඞ් හොජ් නොදැවී 48, අමිට් මිෂ්රා 32/3)

