රාජපක්ෂලා රජය කොට උඩ යවනවා : ජනපති අගමැති බලන් ඉන්නවා


රාජපක්ෂ පවුලට  හා එම කල්ලියට  විරුද්ධව ඇති  වංචා  හා දුෂණ චෝදනා  පරීක්ෂණ  අත්හිටුවන්නේ නම් හිටපු  ජනාධිපති  මහින්ද රාජපක්ෂ මහතා  නැවත මැදමුලනට  යන බවත් එතැන්  සිට ඔහු පන්සල්වලට  ගොස්  සිල්ගනු  ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර  කුමාර  දිසානායක මහතා  අද (07) ප්‍රකාශ කළේය.

අල්ලස්  කොමිසමේ  හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ  සිවිල් සාමාජිකයන් පත්කිරිමේ  වැඩකටයුතු  අක්‍රීය කළ රාජපක්ෂ කල්ලියේ  මීළඟ ඇමුණ වන්නේ  මුල්‍ය  අපරාධ විමර්ශන කොට්ඨසයේ  වැඩකටයුතු  අක්‍රීය කිරිම බව ද ඔහු පැවසීය.

හිටපු  ජනාධිපති  මහින්ද රාජපක්ෂ මහතාට  හිතවත්  පිරිසේ  වැඩකටයුතු සම්බන්ධයෙන්  මන්දගාමී  පිළිවෙතක්  අනුගමනය කරන ජනාධිපති හා  අගමැති   තමන්ගේ  දේශපාලන න්‍යාය පත්‍ර  ක්‍රියාත්මක කරන බව පැවසු  අනුර  කුමාර  දිසානායක මහතා  වංචා  හා  දුෂණ චෝදනා  පරික්ෂණ ඇනහිටිම සම්බන්ධයෙන්  ජනාධිපතිවරයා  හා  අගමැතිවරයා  රටේ ජනතාව හමුවේ  ප්‍රසිද්ධ ප්‍රකාශයක්  කළ යුතු  යැයි  ද පැවසිය.