රාජපක්ෂ භිතිකාව ඉවරයි


ඉදිරි මහ මැතිවරණයේදි කිසිවෙකු රාජපක්ෂ භීතිකාවෙන් පෙළිය යුතු නැතැයි ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේය.

විධායක බලය, පාර්ලිමේන්තුව,පළාත් සභා, ප්‍රාදේශිය සභා සියල්ලේ බලයත් , සහෝදරවරුන්ට දුන් තනතුරු  වල බලයත් තිබියදි පැරදුණු රාජපක්ෂ කෙනෙක් කිසිම බලයක් නැති අවස්ථාවක කෙසේ දිනන්න දැයි ලේකම්වරයා ප්‍රශ්න කළේය.

රාජපක්ෂ කළ විනාශය අමතක කළ යුතු නැති වුවත් , ඔහු ගැන කිසිවෙකු භිතිකාවක් තබාගත යුතු නැතැයි කී ටිල්වින් සිල්වා  මහතා ,ඔහුට දේශපාලන අනාගතයක් නැතිබව ස්ථිර යැයි ද කීවේය.

මන්ත්‍රීකමක් ලැබුණත්,ඔහුට  එරෙහිව ඇති මුල්‍ය වංචා ගැන පරික්ෂණ ඇරඹුණු විට මන්ත්‍රිකම ද අහිමි වනු ඇතැයි ලේකම්වරයා  ප්‍රකාශ කළේය.

ටිල්වින් සිල්වා මහතා මේ අදහස් පළ කළේ ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ අද (14) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදි තවදුරටත් අදහස් දැක්වු සිල්වා මහතා මෙසේ ද ප්‍රකාශ කළේය. අපි ජන්දයටයන්නේ ඉතාම හොඳ පිරිස් සමඟයි. අපේ මතය දුෂිතයන් පළවා හැර ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළ යුතුයි කියන එකයි.අපේ කණ්ඩායම් නායකයින් අති බහුතරය උපාධිධාරින් වේ.

බලය  ඉල්ලන කණ්ඩායම් දෙක විසින්ම රටට කර ඇත්තේ හානියක්.අපේ අරමුණ ජනතාවට  මඟ පෙන්විමයි. ඒ බලය අපට  දෙන ලෙස අප ඉල්ලා සිටිනවා යැයි ඒ මහතා සඳහන් කළේය.