රාජගිරියෙන් පැහැරගනී


කොළඹ රාජගිරිය කොස්වත්තේදී ඩිපෙන්ඩර් රියකින් පැහැරගත් බව කියන පුද්ගලයකු රෝහල්ගත කළ බවත් ඔහු කිසිත් කතා නොකරන බවත් පොලිසිය කියයි. වෛද්‍යවරයකු බව කියන මොහු සිය කාරයෙන් යද්දී ඩිපෙන්ඩර් රියකින් ආ පිරිසක් ඊට බලෙන් නංවාගෙන ඇත. ගිනිගත්හේන කළුගල මිල්ලගහමුලදී ඔහුගේ මෝටර් රථයද සොයා ගෙන තිබේ. පැහැරගත් පිරිස මෝටර් රිය පදවාගෙන එන්නට ඇතැයි පොලිසිය පවසයි.