රාජගිරිය නාවල ප්‍රදේශයේ ඉන්ධන හලකට සීල් තියයි



 
(අමල් වික්‍රමරත්න)

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නාමය යටතේ ඉන්ධන බෙදා හරිනු ලබන  රාජගිරිය නාවල  ප්‍රදේශයේ පිහිටි  ඉන්ධන පිරවුම්හලක සියලුම පොම්ප වලට සීල් තැබූ බව ලංකා  ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ධම්මික රණතුංග මහතා පැවසීය.

බවුසර් රථයකට ඉන්ධන හලේ පොම්පයකින් භූමිතෙල් පිරවීමේ චෝදනාවක් යටතේ එම සීල් තැබීම සිදුකර ඇත.

ඉන්ධන හලක පොම්පයකින් බවුසරයකට තෙල් නිකුත් කිරීම නීතිවිරෝධී කටයුත්තක් බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරියෙක් පැවසීය.

මෙම ඉන්ධනහල රාජගිරිය නාවල පාරේ ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය ආසන්නයේ පිහිටා ඇති අතර එම ඉන්ධන හල පරීක්ෂණ අවසන් වන තුරු වසා තැබෙන බව විශේෂ වැටලීම් ඒකකය පැවසීය.