(ඉෂාන් සංජීව)
රාජගිරියේ ගුවන් පාලම ලබන ජනවාරි මාසයේ විවෘත කරන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
සෑම තැනම මාර්ග ඉදිකරනවා වෙනුවට සැළසුම් සහගතව රට පුරා මාර්ග පද්ධතිය දියුණු කිරීම ජාතික රජයේ අරමුණ බවත් නිසි සැළසුම් සහගත බව නිසා රාජගිරිය ගුවන් පාලමේ වැඩ වසරකට පෙර නිම කිරීමට හැකියාව ලැබුණු බවත් අගමැතිවරයා කීය.
ඔහු මේ බව පැවසුවේ වැඩ අවසන් වෙමින් පවතින රාජගිරිය ගුවන් පාලමේ නිරීක්ෂණ චාරිකාවට අද(21) එක්වෙමිනි.




