කොළඹ රාජකීය විද්‍යාලයයේ ආදී සිසුන් වන අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු අමාත්‍යවරුන් කිහිප දෙනකු පිළිගැනීමේ උත්සවයක් අද (12) උදෑසන පැවැත්විණ.
විද්‍යාල භූමියේ ඇති රණවිරු ස්මාරකයට අගමැති ඇතුළු ඇමැතිවරු පුෂ්පෝපහාර දැක්වුහ.
සජිත් ප්‍රේමදාස , රවි කරුණානායක,රවුෆ් හකීම් , ගයන්ත කරුණාතිලක , ඩී එම් ස්වාමිනාදන් , ලක්ෂ්මන් කිරිඇල්ල , ආචාර්ය හර්ෂද සිල්වා, එම් ඒ සුමන්දිරන් යන මැති ඇමැති ආදි රාජකීයෝ විදුහල්පති උපාලි ගුණසේකර ඇතුළු ආචාර්ය මණ්ඩලය විසින් පිළිගනු ලැබුහ.
මෙරට තෙවරක් අගමැති වු රනිල් වික්‍රමසිංහ මහතාට විද්‍යාලීය ශිෂ්‍ය භට කණ්ඩායම විසින් විශේෂ උත්මාචාර පෙළපාළියක් ද පැවැත්විණි.














